පුද්ගලික වෛද්ය විද්යාලවලට එරෙහි සංවිධානය සහ විද්වත් එකමුතුව විසින් පසුගියදා කොළඹ කොටුව ඉදිරිපිටින් ආරම්භ කළ පුද්ගලික වෛද්ය විද්යාලවලට එරෙහිව අත්සන් දසලක්ෂය එකතු කිරීමේ වැඩපිළිවෙලේ තවත් එක් වැඩසටහනක් කළුබෝවිල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී අද (04) දහවල් පැවැත්වුනි.
එම අවස්ථාවට ශ්රී ජයවර්ධනපුර වෛද්ය පීඨයේ ශිෂ්ය ශිෂ්යාවන් රැසක් සහභාගීවූ අතර කළුබෝවිල රෝහලේ වෛද්යවරුන්, හෙද හෙදියන් සහ අනෙකුත් සෞඛ්ය සේවක සේවිකාවන් ද සහභාගී විය.
ලංකා ගුරුසේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ, සේනක බිබිලේ අනුස්මරන පදනමේ සංවිධායක වෛද්ය ජයන්ත බන්ඩාර, පුද්ගලික වෛද්ය විද්යාලවලට එරෙහි සංවිධානය සහ විද්වත් එකමුතුවේ කැඳවුම්කරු වෛද්ය අසංග වික්රමසිංහ යන මහත්වරුද මේ අවස්ථාවට සම්බන්ධවිය.














