PHIලාත් වෛරසයට ගොදුරු වීමේ අනතුරක්… දහස ඉක්මවන ධාරිතාවය දරාගත නොහැකියි…

PHIලාත් වෛරසයට ගොදුරු වීමේ අනතුරක්… දහස ඉක්මවන ධාරිතාවය දරාගත නොහැකියි…

කොරෝනා සීග්‍ර ව්‍යාප්තිය හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවා බේරීමට අසීරු තත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත් මේ වනවිට රෝග ලක්ෂණ පෙන්නුම් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පස් දෙනකු PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

දිනකට දහස ඉක්මවූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම සෞඛ්‍ය පද්ධතියට කෙසේවත් දරාගත නොහැකි බවද ඔහු අවධාරණය කරයි.

දෛනිකව වාර්තා වන රෝගීන් ගණන දිනෙන් දින ඉහළ යෑම මත ඔවුන් නිසි අයුරින් කළමනාකරණය කරගෙන රැඳවුම් මධ්‍යස්ථාන කරා යොමු කිරීමට සහ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීමට දින කිහිපයකටවත් රට සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බවද හෙතෙම පවසයි. රට විවෘතව තිබියදී පුද්ගලයන් සිය සංචරණයන් සීමා නොකිරීම හේතුවෙන් රෝගය තව තවත් ව්‍යාප්ත වන නිසා යම් කාලසීමාවකට රට වසා දමන්නේ නම් පැතිරීම පාලනය, ආසාදිතයන් කළමනාකරණය සහ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමට හැකියාව පවතින බවද හෙතෙම පවසයි.

මේ වනවිටත් ආසාදිත බව තහවුරු වූ පිරිස් යොමු කිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ නොමැති නිසා දින දෙක තුනක් වැනි කාලයක් නිවෙස්වලට රැඳී සිටීමට සිදුවීම තුළ දිගින් දිගටම විශාල ආසාදිත ප්‍රමාණයක් ක්ෂේත්‍රයේ සිටීමෙන් ආසාදිතයන් කළමනාකරණය කර ගැනීමට අසීරු තත්වයකට පත්වනු ඇතැයිද හෙතෙම පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්