පසුගිය ජූලි 25 වනවිට මුදල් අමාත්යංශයේ ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ ලංකා බැංකුවේ මුදල් අයිරාව රුපියල් මිලියන 86,000 (රු. 86,000,000,000)ක් ඉක්මවා ඇතැයි වාර්තා වේ.
මෙම තත්වය රාජ්ය බැංකු දෙකටද අහිතකර ලෙස බලපා ඇති බවත් ඔවුන්ට පෞද්ගලික අංශයට දීමට ඇති ණය මුදල් සීමා වීම මෙම තත්වයට හේතු වී ඇති බවත් පැවසේ.
ආණ්ඩුව මුහුණ දී ඇදි ආර්ථික අර්බුදය හේතුවෙන් සියළු අමාත්යාංශ විසින් තම වියදම් කළමනාකරණය කර ගත යුතු බව මහා භාණ්ඩාගාරය විසින් සියළු අමාත්යාංශ වෙත දන්වා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අනවශ්ය වියදම් කපා හරින ලෙසත්, පැරණි ව්යාපෘති අවසන් වන තෙක් නව ව්යාපෘති ආරම්භ නොකරන ලෙසත් උපදෙස් දී ඇත.
ඊයේ (27) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති රාජ්ය නිලධාරීන් හමුවේදීද ජනාධිපතිවරයා පවසා සිටියේ මුදල් නොමැතිනම් කිසිඳු ව්යාපෘතියක් ආරම්භ නොකරන ලෙසයි.









