
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 40 වසරක ඉතිහාසය තුළ සිදුකරන ලද අති විශාලම මූල්ය වංචාව හෙළිවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එය අවලංගුකිරීමට සූදානම් වන බව අනාවරණය වේ. එම වංචාව හෙලිවීමත් සමගම බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය දැඩි කැළඹීමකට පත්වී ඇත.
උද්ගතවූ තත්වයට පිළියම් වශයෙන් ජනාධිපතිවරයා වහාම මැදිහත්වී ගනුදෙනුව අවලංගුකිරීමට උපදෙස් දුන් බව ප්රචාරය වුවද බැංකුවේ ඉහළම ආරංචි මාර්ග වලින් හෙලිවන්නේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු තනතුරුවලින් ඉල්ලා අසිවීමටත් අදාල චෙක්පත්වලට අත්සන් කළයුතු නිලධාරීන් ලෙඩ නිවාඩු දමා අත්සන් කිරීම පැහැර හැර ඇති බවත්ය.
කෙසේ වෙතත් රුපියල් 15,000,000 අධික වංචාවක් සිදුකරමින් රුපියල් කෝටි 39යකට අධික මුදල් ගෙවීමට සිදුවූ මෙම මහා පරිමාණ මූල්ය වංචාව රාජ්ය බැංකු පද්දතිය දැඩි කැළඹීමකට පත්කර ඇත.









