NSB කොටස් නැවතත් විකුනුම් කරුවන්ටම

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමෙන් මිලදීගත් කොටස් ප්‍රමාණය නැවතත් අදාළ විකිණුම් කරුවන්ට ලබාදී මුදල් ආපසු ලබාගැනීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම අනුමැතිය ලබාදී තිබේ.

මේ අනුව, කොටස් වෙළඳ පොළේ සිදුවන ගනුදෙනුවක් ලෙස නොව පුද්ගලික කොටස් පැවරීමක් ලෙස මෙය සිදුකිරීමට අනුමැතිය ලබාදී තිබෙන අතර මෙම ගනුදෙනුව පසුගිය කාලයේදී ඉමහත් ආන්දෝලනයට හේතුවිය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් වලින් සියයට 13 ක් මිලදීගත් අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 390 ක් වැයකර තිබුණි.

කොටස් වෙළඳ පොළේ ද ෆිනෑන්ස් කොටසක් රුපියල් 30 ක් වනවිට රුපියල් 49.74 කට මෙම කොටස් මිලදී ගැනීමට දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර පසුව රජයේ අවධානය මේ සඳහා යොමුවිය.

මේ අනුව, මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ කටයුතු නියාමකයා වන සුරැකුම් පත් හා විනිමය කොමිසමට පවරනු ලැබීය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් මිලදීගෙන තිබෙන ද ෆිනෑන්ස් කොටස් නැවතත් පවරන දිනයක් නියාමකයා විසින් ප්‍රකාශයට පත්කර නොමැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්