විදෙස් ගතව සිටින ශ්රී ලාංකිකයින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට වසර 02ක් පිරීම පිළිබඳව විශ්ලේෂණාත්මක මහජන හමු පවත්වමින් සිටී.
මහා බ්රිතාන්යයේ වෙසෙන ශ්රී ලාංකිකයන් ස්ථාන තුනක සිට එකවර මෙවැනි හමුවක් පවත්වා ඇත. විශාල පිරිසක් සහභාගී වූ එම හමුවේ දී වෛද්ය ඉඳුනිල් විජේනායක අවධාරණය කළේ ඩයස්පෝරාවේ සාමාජිකයෙකු ලෙස ක්රියා කරමින් වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම පිළිබඳව ආඩම්බර වන බවයි. එම හමුවේ දී වැඩි දුරටත් දැක් වූ අදහස් පහත වීඩියෝවේ ඇතුලත් වේ.










