දිවිනැගුම සංවර්ධන නිලධාරීන් 10,000ක් ඌව මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීමට සන්ධානය කටයුතු කරමින් සිටින බවට තමන්ට පැමිණිලි මගින් වාර්තාවූ බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය හෙවත් NEM IHR මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි ප්රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මාධ්යවෙතද නිකුත් කර ඇති අතර එම සම්පූර්ණයෙන් මෙසේය.
“ආර්ථික සංවර්ධන අමාත්යාංශයට අයත් දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ සේවය කරනු ලබන දිවිනැගුම සංවර්ධන නිලධාරීන් 10,000කට ආසන්න පිරිසක් 2014 ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වෙන මොණරාගල සහ බදුල්ල යන දිස්ති්රක්ක දෙක වෙත යැවීමට දිවිනැගුම දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට පැමිණිලි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය (NEM IHR ) වෙත ලැබී ඇත.
අදාල පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් වන්නේ 2014 සැප්තැම්බර් 05,06,07,08 යන දිනවල ඌව පළාතේ සියලූ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මෙම නිලධාරීන් යොදවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්යාපාරයේ ප්රවර්ධනය සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති බවයි.
ඌව පළාතේ දිවිනැගුම නිලධාරීන් සිටියදී රජයේ වියදමින් ආහාර, නවාතැන් හා ප්රවාහන පහසුකම් සලසමින් අනෙකුත් දිස්ති්රක්කවල දිවිනැගුම නිලධාරීන් මෙලෙස විවිධ උපක්රම යොදමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්යාපාරයට යොදවා ගැනීමට දිවිනැගුම අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කිරීම රජයේ නිලධාරියෙකු වශයෙන් බරපතල ලෙස මැතිවරණ නීති මෙන්ම, ආයතන සංග්රහයේ රෙගුලාසි උල්ලංඝණය කරමින් කටයුතු කිරීමකි.
විවිධ සමීක්ෂණ, සංවර්ධන වැඩසටහන්, සහනාධාර බෙදීම් වශයෙන් නම් කොට අනියමින් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා මෙලෙස අතිවිශාල නිලධාරීන් සංඛ්යාවක් යෙදවීමට සැලසුම් කිරීම මැතිවරණ ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවුවකි. කුමන උපක්රම භාවිතා කළද මෙම සැලසුම් කර ඇති කටයුත්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්රචාරනයට අදාල කි්රයාවක් බව ලැබෙන පැමිණිලිවලින් සනාථ කරයි.
මේ පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකොට රජයේ නිලධාරීන් , රාජ්ය සම්පත් භාවිතා කරමින්, මහජන මුදලින් වැටුප් ලබමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යෙදීම බරපතල තත්ත්වයක් බැවින් එය වැලැක්වීම සඳහා කඩිනමින් පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.”









