රාඩා ප්‍රධානීන් LTTEය සමග සාකච්ඡා කරලා

උතුරු නැගෙනහිර සුනාමියෙන් වැනසුණු පෙදෙස්හි නිවාස තැනීම සඳහා පිහිටවූ “රාඩා” ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය 2005/2006 කාලයේ මුදා නොගත් ප්‍රදේශවලට ගොස් කොටි නායකයකු වූ එමිල්කාන්ත් සමඟ සාකච්ඡා කර ඇති බව ඔහු විසින් ප්‍රකාශ කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දී තිබේ.

සැකකාර සාලිය වික්‍රමසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ද එය පිළිගනිමින් ප්‍රකාශ කර ඇත්තේ කීවේ තම සේවාදායකයා මුදා නොගත් ප්‍රදේශවලට ගොස් සාකච්ඡා කළ බව පිළිගන්නා බවය.

පොලිසියට කිසිම බලපෑමක් නැතැයිද සියලු සැකකරුවන් ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණා බවද විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා අධිකරණය්දී කියා තිබේ.

සුනාමි නිවාස ඉදිකිරීමට වෙන් කළ රුපියල් කෝටි 12.7ක් වංචා කළැයි සැකපිට වික්‍රමසූරිය මහතා 19 දක්වා යළි රිමාන්ඩ් කළ අතර එකම ගෙයක් හෝ හදා නැතැයිද එම මුදල් ඇඟළුම් කම්හල් දෙකක ගිනුම්වලට බැර කර ඇතැයිද පොලිසිය කියයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්