LTTE සම්බන්ධයක් මත අත්අඩංගුවට ගත් පොහොට්ටුවේ කඩුගන්නාව සභාපතිට ඇප

LTTE සම්බන්ධයක් මත අත්අඩංගුවට ගත් පොහොට්ටුවේ කඩුගන්නාව සභාපතිට ඇප

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත කූට ලේඛන උපයෝගි කරගෙන විදෙස් ගමන් බලපත‍්‍රයක් සකස් කර එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ බිරියන් විදෙස් රටවලට රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 24 වනදා අත්අඩංගුවට ගත් පොහොට්ටු පක්ෂයට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ රුපියල් විසිදාහක (රු. 20,000) මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල ඊයේ (25) නියෝග කර තිබේ.

මෙම සැකකරු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ බිරින්දෑවරු විදෙස් රටවලට රැගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ මෙම සැකකරු සම්බන්ධයෙන් එවන් සිද්ධියක් පිළිබදව අනාවරණය වේ නම් ඒ පිළිබදව අධිකරණය හමුවේ වෙනම නඩුවක් ගොනුකර ඉදිරි පියවර ගන්නා ලෙසය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්