ITN හිටපු සභාපති ඇතුළු පිරිසක් ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

2015 ජනපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දිනවීම සඳහා ස්වාධීන රූපාවාහිනිය ඔස්සේ නියමිත දැන්වීම්වලට අමතරව විකාශනය කෙරුණු දැන්වීම් වෙනුවෙන් අය විය යුතු මුදල් අයකරගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට එම රූපවාහිනී සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන ඇතුළු ප්‍රධාන නිලධාරීන් දස දෙනකු බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට සඳුදා (31) කැඳවා ඇතැයි වාර්තා වේ.

එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මේ බව මාධ්‍ය වෙත පවසා ඇති අතර එම දැන්වීම් නිසා ස්වාධීන රූපවාහිනී සේවයට රුපියල් කෝටි 11කට අධික පාඩුවක් සිදුවූ බව කියැවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්