ලොව අංක එකේ 20-20 පන්දු යවන්නා වන ශ්රී ලංකාවේ තුන් ඉරියව් ක්රිකට් ක්රීඩක වනිදු හසරංගට IPL ක්රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 1075ක මිලක් නියම වී තිබේ.
ඒ අනුව, IPL ක්රීඩක වෙන්දේසියේ විදෙස් ක්රීඩකයෙකුට මෙතෙක් නියම වූ වැඩි ම මිල වනිඳු හසරංගට හිමිවීම විශේෂත්වයකි.
මෙම වෙන්දේසියේදී වනිඳු හසරංග මිල දී ගනු ලැබුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසිනි.
2022 IPL ක්රීඩක වෙන්දේසිය ඊයේ (12) බැංගලෝර්හිදී ආරම්භ විය.
වනිඳු හසරංග වෙනුවෙන් ලංසු තබන අවස්ථාවේදී වෙන්දේසිකරුවෙකු වූ හියු එඩ්මීඩ්ස් (Hugh Edmeades) සිහිසුන්ව බිම ඇද වැටී තිබුණු අතර ඊට විදෙස් මාධ්යවල දැඩි අවධානයක් යොමු වී තිබිණි.
ඒ හේතුවෙන් වෙන්දේසිය තාවකාලිකව නතර කිරීමට සිදු වුවු ද පසුව වෙනත් වෙන්දේසිකරුවෙකු යොදා ගනිමින් ක්රීඩක වෙන්දේසිය යළි ආරම්භ කළ බව විදෙස් මාධ්ය වාර්තා කළේ ය.










