මෙම වසරේ ලංකාවේ ආර්ථිකය ගැටලුකාරී විය හැකි බව ජාත්යන්තර මූල්ය අරමුදල අනතුරු අඟවයි. මේ වන විට ලංකාවට පැමිණ සිටින මූල්ය අරමුදලේ නියෝජිතයන් අද පැවති මාධ්ය සාකච්ඡාවකදී මේ බව හෙළිකළේය.
මුල්ය අරමුදල විසින් ලංකාවට ලබාදෙන ඉදිරි ණය මුදල් පිළිබඳව මෙරට රජයේ නියෝජිතයන් සමග මේ වන විට සාකච්ඡාකරමින් සිටී. ඇතැම් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ලබන වසර වෙනුවේන් ඉදිරිපත්කෙරෙන අයවැය සම්බන්ධයෙන් වූ මූලික කොන්දේසි මෙහිදි සාකච්ඡාවී ඇති බවය.









