ජාත්යන්තර මූල්ය අරමුදලෙන් මෙරටට ලබාදීමට නියමිත දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 333කට ආසන්න මුදල ලබාදීම පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති බව ඇතැම් පිරිස් ප්රකාශ කළ ද, එය අනිවාර්යයෙන්ම ලබා දෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති.
මෙරට ජනාධිපති ප්රමුඛ බලධාරීන් සහ නිලධාරීන් සමඟ මෙන් ම, තෝරා ගත් වෘත්තික වෘත්තීය සමිති නියෝජිතයන් ද ඇතුළු පාර්ශව ගණනාවක් සමඟ මූල්ය අරමුදලේ අධිකාරීන් සාකච්ඡා කරනු ලැබීය. සති දෙකක් පුරා එම සාකච්ඡා සහ ප්රගති සමාලෝචනයක යෙදුණු මූල්ය අරමුදලේ අධිකාරීන් මේ දක්වා දෙවෙනි ණය වාරිකය ලබාදීම පිළිබඳව කිසිදු නිල ප්රකාශයක් කර නැත. මේ නිසා එම ණය මුදල ලැබේදැයි ඇතැම් පිරිස් සැක පළ කරමින් සිටී.
එහෙත්, මෙරට පිහිටීම සම්බන්ධයෙන් පවතින ගෝලීය දේශපාලන ප්රවනතා පිළිබඳ අධ්යයනය කිරීමේදී මූල්ය අරමුදලේ මෙම ණය සොච්චම ලබා දෙනු ඇති බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහස වී තිබේ.










