hp සේවක කප්පාදුවට සැරසේ

ලොව විශාලතම පරිඝණක සහ පරිඝණක උපාංග නිෂ්පාදන සමාගම වන හෙව්ලෙට් – පැකාඞ් (Hewlett-Packard) සමාගම (hp) විශාල සේවක කප්පාදුවකට සැරසෙන බව වාර්තා වේ.

වසර 2014 අවසාන වන විට ලොවපුරා සිය කාර්යාලවල සේවය කරන 27,000කගේ රැකියා කප්පාදු කිරීමට එම සමාගම සැරසේ.

මෙම ප‍්‍රමාණය hp සමාගමේ සමස්ත සේවක ප‍්‍රමාණයෙන් 08%ක් වේ.

මෙම රැකියා කප්පාදු කුමන කාර්යාලවල සිදුවේ ද යන්න පිළිබඳව මේ දක්වා හෙළිදරව් වී නැත.

මෙම රැකියා කප්පාදුවෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ඉතිරි කරගත හැකි වනු ඇතැයි hp සමාගම කියයි.

මෙලෙස ඉතිරි වන මුදල සමාගමේ ම යළි අයෝජනය කිරීමට නියමිත බව hp සමාගම වැඩිදුරටත් කියා සිටියි.

මේ වන විට hp සමාගමේ කාර්යාල වල සේවය කරන සේවකයන් ප‍්‍රමාණය ලොවපුරාම 350,000කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්