ජූලි 04වන දින සිට විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) විසින් ඇරඹීමට නියමිත අඛණ්ඩ වර්ජනයට පෙර අද (20) උසස් අධ්යාපන ඇමති එස්.බී. දිසානායක සමග පැවති සාකච්ඡාවද අසාර්ථකවී තිබේ.
මෙහිදී ඇමතිවරයා නවක වද සිදුවීම් හා ආචාර්යවරුන්ගේ පෙලපාලිවලට අත්දිග කමිස හැඳගත් ශිෂ්යයින් සහභාගී කර ගත්තා යැයි අභූත චෝදනා එල්ල කර ඇත. ජනාධිපතිවරයා ලංකාවට පැමිණි පසු තව දුරටත් සාකච්ඡා කිරීමට ඇමතිවරයා යෝජනා කළද ආචාර්යවරු එය පිළිගෙන නැති බවද වාර්තාවේ. කෙසේ වෙතත් විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ අඛණ්ඩ වැඩවර්ජනය නියමිත පරිදි ජූලි 04 සිට පැවැත්වේ. මෙම සාකච්ඡාව සඳහා FUTA සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් මහතා ඇතුළු ආචාර්යවරු පිරිසක් සහභාගී වී ඇත.









