FUTA සටනට රුහුණ වි.වි. වෛද්‍ය පීඨයත් එක්වේ

මේ වන විට පැවත්වෙමින් තිබෙන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (FUTA) වර්ජන ක්‍රියාමාර්ගය සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී FUTAහි ක්‍රියාකාරී සමාජිකයෙකු මෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ අචාර්ය සමිතියේ සභාපති ආචාර්ය ජිනසේන මහතා පැවසූවේ මේ වන විට රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ වෘත්තිය සමිතිය රැස්වී ආචාර්ය වරුන්ගේ සටනට සහයෝගය පළකිරීමට ඒකමතිකව තීරණය කර ඇති බවයි.

එම විශ්වවිද්‍යාලයේ විද්‍යා, ඉංජිනේරු, කලා, මුල්‍ය හා වාණිජ සහ මත්ෂ්‍ය ජීව විද්‍යා යන පීඨයන් මෙම අරගලයේ සක්‍රීය ක්‍රියාමාර්ග වල නිරතව සිටින බවද ඒ මහතා පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්