පොලිස් මූල්ය අපරාධ විමර්ශන අංශය හෙවත් FCIDයට අදාළ නෛතික රාමුව ඕනෑම පක්ෂයකට හෝ පුද්ගලයකුට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි පරිදි පුළුල් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
දැනට එම අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක්කේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් යුත් ඇමති අනුකාරක සභාවට පමණක් වන අතර රජයේ නව ප්රතිපත්තිය අනුව කැබිනට් අනුකාරක සභාවට අමතරව ඕනෑම අයකුට මෙම අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඉඩ ලැබෙනු ඇත.









