FCIDයට ගෝඨාභයවත් කැඳවයි

මහින්ද රාජපක්ෂ පාලන සමායේ ආරක්ෂක ලේකම්ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් FCIDය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

එම වාර්තා සඳහන් කරන අන්දමට මිග් ගනුදෙනුව සහ ලංකා හොස්පිට්ල්ස් සමාගමේ කොටස් අලෙවිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ලබන 11 වනදා FCIDයේ පෙනී සිටින ලෙස ලිපියක් මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් ඇත.

මෙවැනිම ආකාරයට ප්‍රශ්න කිරීම සඳහා FCIDය වෙත කැඳවා තිබූ බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් තිදෙනෙකු ප්‍රශ්න කිරීම්වලින් පසුව එම ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

මේ වනවිට ඔවුහු රක්සිත බන්ධනාගාරගතව සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්