එළැඹෙන 12වනදා තමාට නැවතත් පොලිස් මූල්ය අපරාධ විමරශන ඒකකය හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී ඇතැයි සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් පවසා සිටී.
කෙසේ නමුත් පසුගිය සමයේද තමන්ට එවැනි කැඳවීමක් ඇතැයි නාමල් රාජපක්ෂ මහතා විටින් වට සිය සමාජජාල ගිණුම්වල සඳහන් කර තිබුණත් ඒ බොහෝ කරුණු අසත්ය බවත් එවැනි කැඳවීමක් සිදු කර නැති බවත් ඒ දිනවල පොලිස් මූල්ය අපරාධ විමරශන ඒකකය විසින් මාධ්ය වෙත පවසා තිබිණ.









