හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළෙඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති වීමෙන් පසුව කොළඹ පොලිස් මුල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසුරුවා හැර එහි නිලධාරීන්ට දඩුවම් ලබා දෙන බව ගාල්ල දිස්ත්රික්කය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී නිශාන්ත මුතුහේට්ටිගම මහතා ලංකාදීපය සමග පවසා තිබේ.
ප්රශ්නය :- ඔබේ පළාතේ ඇමතිවරයෙක් වන ඩි.වී. උපුල් පසුගියදා පොලිස් මුල්ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් මහින්ද රජයක් යටතේ ගල් ගසා මරා දමන බවට තර්ජනය කළා. ඔබ මොකද ඒ ගැන කියන්නේ.
පිළිතුර :- මම මොනවත් ඒ ගැන කියන්නේ නැහැ. එතුමාගේ ආවේගය ඒ අවස්ථාවේ පිටවෙන්න ඇති. මමත් කියනවා මහින්ද රජයක් යටතේ ඕක විසුරුවා හරිනවා. ඔවුන්ට දඩුවම් දෙනවා.
ප්රශ්නය :- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමග මේ වනවිට සිටින අය පොලිස් මුල්ය අපරාධ විමර්ශන ඒකකයට විරුද්ධව නොයෙක් මත ප්රකාශ කරනවා. ඇයි ඒ ?
පිළිතුර :- විමර්ශනය කරන්නෙත් ඔවුන්. දඩුවම් නියම කරන්නෙත් ඔවුන්. පලිගැනීමට කරන දේවල් මේවා. ජොන්ස්ටන් ප්රනාන්දු මන්ත්රීතුමා දවස් 24ක් හිරගෙට දැම්මා.
ප්රශ්නය :- රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් අධිකරණයෙන් සිරදඩුවම් නියම කිරීමත් දෙකක් නේද? මෙයට ප්රථමත් අනන්තවත් විතිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. හදිසි නිතිය පවතින අවස්ථාවල වසර ගණන් බන්ධනාගාර ගතවෙලා හිටපු උදවිය හිටියා. මෑතකදී අධිකරණයෙන් ඇප ලබා දුන් උතුරු පළාතේ දමිල කාන්තාවක් වසරකට අධික කලක් රක්ෂිත බන්ධනාගාර ගත කරලා හිටියා. පියත් නොමැති ඇයගේ එකම දියණිය වැඩිවියට පත් වූ අවස්ථාවේ එම උත්සවයට යෑමට ඇය ඇප ඉල්ලුවා. නමුත් ඇගේ එම ප්රාර්ථනාව ඉටු වුනේ නැහැ. මැති ඇමතිවරු කියන්නෙත් මේ රටේ සාමාන්ය මිනිස්සු. හැමෝටම බලපාන නිතිය ඔවුන්ටත් පොදු විය යුතුයි. ඔබ හඩ නගන්නේ මැති ඇමතිවරු වෙනුවෙන් විතරද? උතුරු පළාතේ දමිළ මවගේ මානුෂික අවශ්යතාව වෙනුවෙන් ජනතා නියෝජිතයෙක් විදියට ඔබට හඩ නගන්න තිබුනා නේද?
පිළිතුර :- මට ඒ ප්රශ්නයට උත්තර දෙන්න බැහැ.









