අද ලෙඩ නැහැ – ශෂී FCIDයට යයි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු නිවාස ඇමැති විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංස අද (04) උදේ 9.30ට පමණ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ.

වත්කම් සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සහ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇයට එල්ලවී ඇති චෝදනාවලට අදාළ පරීක්ෂණ සඳහා පසුගිය 28 වැනිදා ඇයව කැඳවා තිබූ අතර තමන් රෝගීව සිටින බැවින් එදින පැමිණය නොහැකි බවත් වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ඇය ඉල්ලා තිබිණ.

විමල් වීරවංසද සිය බිරිය සමග එම ස්ථානයට පැමිණ සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්