හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන මස 01 වැනිදා පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇති බව වාර්තාවේ.
ඒ බව සනාත කරමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඒ සඳහා වු දැනුම්දීම තංගල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ ඊයේ (26) භාරදුන් බවය.
අත්අඩංගුවේ පසුවන හිටපු DIG වාස් ගුණවර්ධනගේ බිරිඳ සමග සිදුකළ රන් ගනුදෙනුවක් සම්බන්ධයෙන්, සිරිලිය සංවිධානයේ ගිණුම් සම්බන්ධයෙන් සහ කාල්ටන් පෙරපාසල් සඳහා රජයේ දේපළ අයතා ලෙස පාවිච්චි කිරීම ඇතුළු චෝදනා ගණනාවක් ඇයට එල්ලවී තිබේ.









