ගෝඨාභය නැවතත් FCIDයට කැඳවයි

2006දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලට ගැනීමේ දී සිදුවී යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සහ ලංකා හොස්පිටල් ආයතනයේ කොටස් අලෙවි කිරීම ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ආරපක්ෂ මහතා හෙට (20) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි වාර්තා වේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවා ඇත්තේ මූල්‍ය ප්‍රතිපාදන නොමැතිව බැවින් තමාව එයට කැඳවීම හෝ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි පවසන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එහිදී එම පෙත්සම විභාග කර අවසන් වන තුරු ඔහු අත්අඩංගුවට ගැනීම පමණක් තහනම් කරන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්