වාණිජ සංස්ථාවේ ලොක්කාගෙනුත් FCIDය ප්‍රශ්න කරයි

කිරිපිටි සහ සහල් ආනයනයේදී සිදු වී ඇති රුපියල් බිලියන දෙකක මුදල් වංචාවක් පිළිබඳව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ප්‍රදීප් ගුණවර්ධනගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී මොහු රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබූ අතර මොහුට අමතරව තවත් රාජ්‍ය සේවයේ ඉහළ පුටුවල සිටී නිලධාරීන් පිරිසකට මුල්‍ය වංචා චෝදනා එල්ල වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්