ETI තිදෙනෙක් අත්අඩංගුවට

ETI තිදෙනෙක් අත්අඩංගුවට

ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ඊයේ (05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊ.ටී.අයි තැන්පතුකරුවන්ගේ තැන්පතුවලින්, රුපියල් බිලියන 13.7ක මුදලක් නීති විරෝධීව ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ විමර්ශනයක් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයකට අනුවය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් ලෙස ක්‍රියාකළ අසංක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ සහ අන්ජලී දීපා එදිරිසිංහ යන තිදෙනාය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්