මැයි දින පෙළපාලි සඳහා බස් රථ 1,227ක් ලබාදුන් බව ගමනා ගමන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්ය සාමාන්යාධිකාරී රාජා ගුණතිලක මහතා මාධ්යෙවත සඳහන් කර සිටියේ ඒ ඒ දේශපාලන පක්ෂවලින් කෙරුණු ඉල්ලීම් මත ඒ සදහා මුදල් අයකර ගැනීමෙන් පසු අදාළ බස් රථ ලබාදුන් බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයකට එලෙස බස්රථ ලබාදී තිබේ.
කෙසේ නමුත් පසුගිය පාලන සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැර වෙනත් කිසිඳු පක්ෂයකට ලංගම බස් රථ ලබා දීමට පැවති රාජපක්ෂ පාලනය කටයුතු නොකළේය.









