ඩී.වී. උපුල්ට චෝදනා ගොනු කරන්න CIDයට නියෝග

මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයෙන් පසු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ගල් ගසා මරණවා යැයි පැවසූ දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල්ට අදාළව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (23) නියෝග කර තිබේ.

ඊට අදාළ නඩුව නැවත දෙසැම්බර් මස 12දාට කල්ගිය අතර එදිනට චෝදනා ගොනු පත්‍රයක් උසාවියට ඉදිරිපත් කරන්නැයිද නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්