පිල්ලෙයාන් CIDයට කැඳවයි

නැගනහිර පළාත් හිටපු මහ ඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට අද (14) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

2005 වසරේ දෙසැම්බර් මස 24වනදා මඩකලපුව කතෝලික පල්ලිය ඉදිරිපිටදී ඝාතනයටලක් වූ ජෝෂප් පරරාජ සිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබාගැනීම සඳහා මෙසේ පිල්ලෙයාන්ව කැඳවා ඇත.

ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ජනාධිපති උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්