CID මුල් පුටුවේ වෙනස කුමකටද?

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ආර්.එස්. ආර්. නාගහමුල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් අද (28) පත් කර  තිබේ. ඔහුට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුටද ස්ථානමාරුවීම් ලබා දීමට අද කටයුතු කර තිබේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වු සිදුවීම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු කඩිනමින් හා නිසියාකාරව සිදු නොවූ අතර ඒ පිළිබඳව  හිටපු අධ්‍යක්ෂකවරයාටද චෝදනා එල්ල විය. විශේෂයෙන්ම රතුපස්වල සිදුවීම පිළිබඳ නැවතත් පුළුල් පරීක්ෂණ පවත්වනවා නම් රණවීර මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස එම ජනතාව පොලිස්පතිගෙන් ඉල්ලා  තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා පරීක්ෂණ හා පුණරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසද ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල් එස් පතිනායක මහතා ගොඩනැගිලි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත වීරසූරිය මහතා සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්  මාරු කර තිබේ. මෙම ස්ථාන මාරු කිරීම් සඳහා මහජන සාමය ආපදා කළමණාකරනය සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවී තිබේ.

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්