ඉකුත් නොවැම්බරයේ (15-17) පැවැති පොදුරාජ්ය මණ්ඩලයීය රාජ්ය නායක සමුළුවේ (CHOGM) ප්රචාරණ කටයුතු වෙනුවෙන් රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ප්රචාරය කිරීම වෙනුවෙන් රූපවාහිනී නාලිකා සඳහා ගෙවිය යුතු මුදල් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ප්රතිචාර දක්වන මහා භාණ්ඩාගාරය පවසන්නේ අදාල මුදල් මුදා හැර ඇති බවයි.
ප්රධාන පෙලේ රූපවාහිනී නාලිකා සඳහා මෙසේ ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 3ත් 4ත් අතර වන බවත් එම සමුළුවේ ප්රචාරණය භාරව සිටි අතරමැදියකු විසින් මේ මුදල් ගෙන ඇති බවත් රූපවාහිනී ආයතන බලධාරීහු වෝදනා කරති.









