හිරුණිකාගේ දර්ශන CCDය ඉල්ලයි

hirunika-premachandra.gif - 63.65 Kbදෙමටගොඩදී තරුණයකු පැහැරගෙන යෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේමචන්ද්‍ර පැවැත්වූ මාධ්‍ය හමුවේ සංස්කරණය නොකළ දර්ශන කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය වෙත ලබා දෙන ලෙස ඊයේ (31) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මාධ්‍ය ආයතන වෙත නියෝග කර තිබේ.

තරුණයා පැහැරගෙන යාම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මූලික විමර්ශනය අවසන් කොට වාර්තාවක් නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර එම සිදුවීමේ ඉදිරි විමර්ශන කටයුතු වෙනුවෙන් මාධ්‍ය හමුවේ දර්ශන අවශ්‍ය බවට නීතිපතිවරයා අධිකරණය වෙත කරණු ඉදිරිපත් කර තිබේ. එම කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ඊයේ සිදු කර තිබේ.

මෙම සිදුවීමට සම්බන්ධ හිරුණිකා පේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ආධාරකරුවන් අට දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්