උතුරු ස්පාඤ්ඤයේ සිනේරා නම් ප්රදේශයේදී පොලීසිය හා ආකර කම්කරුවන් අතර දරුණු ගැටුමක් හටගෙන ඇතැයි වාර්තාවේ. ආකර කම්කරුවන්ගේ සුභසාධනය සඳහා ස්පාඤ්ඤ ආණ්ඩුව වෙන් කරන ප්රතිපාදන යුරෝ මිලියන 301 සිට 111 දක්වා අඩුකිරීමට එරෙහිව මෙම විරෝධතාවය හටගෙන ඇත. ආකර කම්කරුවන් විසින් සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවා ඇති අතර මේ වනවිට එම ප්රදේශයේ දුම්රිය හා බස් ධාවනයද අඩාල වී තිබේ.
පොලීසිය විසින් කම්කරුවන් වෙත වෙඩි උණ්ඩ හා රබර් උණ්ඩ එල්ල කර ඇති අතර කම්කරුවන් ද දේශීයව නිෂ්පාදිත “BAZOOKA” නම් ප්රහාරක අවි යොදාගෙන පොලීසියට ප්රතිප්රහාර එල්ල කර ඇත. කම්කරුවන් මාර්ග බාධක ඉදිකර පොලීසියේ ගමන වළක්වා ඇතැයි වාර්තා වේ.













