(ඡායාරූප සංස්කරණය) විල්පත්තු අභයභූමියේ සිදුවන වන සංහාරය, අනවසර පදිංචි කිරීම්, දැව ජාවාරම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, පරිසර සංවිධාන සමඟ එක්ව විල්පත්තු වනයේ අද (09) පෙරවරුවේ විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.
විල්පත්තු වනයේ වසර ගණනාවක් පුරා දේශපාලන බලය මත සිදුවූ අනවසර පදිංචි කිරීම්, දැව ජාවාරම් ආදී පාරිසරික විෂමාචාර ක්රියාවන්ට පසුගිය ආණ්ඩුවත්, වත්මන් ආණ්ඩුවත් මේ වනවිට කිසිදු අවධානයක් යොමුකර නැති බැවින් පක්ෂයක් හැටියට එම පාරිසරික ගැටලුව ගැන සොයා බලා ඊට අදාළ විසඳුම් ක්රියාමාර්ග ගැනීමට ජවිපෙ තීරණය කර තිබේ.
මෙම සංචාරයට ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්රී කේ.ඩී. ලාල්කාන්ත, ජවිපෙ උතුරුමැද පළාත් සභා මන්ත්රී වසන්ත සමරසිංහ, ජවිපෙ වයඹ පළාත් සභා මන්ත්රීනී නාමල් කරුණාරත්න, තිඥ සුනිල් වටගල, පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර මාධ්යවේදීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.
එහිදී ජවිපෙ නායකයින් සහ පරිසර වේදීන් මාධ්යවෙත දැක්වූ අදහස් පහතින් පළ වේ.
ලාල්කාන්ත මහතා අදහස් දක්වමින් {mp3}lal_kanatha2015.05.09{/mp3}
පරිසරවේදී සජීව චාමිකර මහතා අදහස් දක්වමින් {mp3}sajeewa_chamikara2015.05.09{/mp3}
වසන්ත සමරසිංහ මහතා අදහස් දක්වමින් {mp3}wasantha_samarasinghe2015.05.09{/mp3}




























