“නිමල් රිසිපාල මහත්තයට මට පේන්නේ අමු කැවිලා. මේ මුළු ඡන්ද ව්යාපාරය තුළ මේ වෙනකම් කිසිතැනක මම නිමල් සිරිපාල මැතිතුමාගේ නමවත් කතා කරලා නැහැ. එක්කෝ කාගෙ හරි ලනුවක් කලා. එහෙම නැත්නම් දැන් පාර්ලිමේන්තු යන්න නොසුදුසු තත්වයට පත්වෙලා ඔළුව අවුල් වෙලා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කොළඹ දිස්ත්රික් අපෙක්ෂක කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. {mp3}lalkanthavssiripala{/mp3}
ඒ මහතා මේ බව පැවසූවේ විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා ලාල්කාන්ත මහතා සිදුකළේ යැයි කියන ප්රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවකදී සිදු කර තිබූ “අර ජේවීපී එකේ ලාල්කාන්ත කියලා එකෙක් කියනවලු මම ප්රතිපත්ති ප්රකාශය එළිදක්වන්නට විපක්ෂ නායක ආවේ නැහැ කියලා.” යන ප්රකාශයට ප්රතිචාර දක්වමිණි.









