මෙම කාර්යාලයත් තවත් ලිපිගොනු එකතුකරන තැනක් බවත් පත් නොවී තමන් ඉදිරිපත් කරන ලද ලිපිගොනු සම්බන්ධයෙන් කඩිනම් මැදියත්වීමක් සිදු කරනු ඇතැයි සිතන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ, පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ මහාපරිමාණ වංචා හා දූෂණ පිළිබඳව තමන් විසින් එකතු කළ ලිපිගොනු සහ විශේෂ වාර්තා ඊයේ (04) පෙරවරු 11.00ට වංචා, දූෂණ සහ අක්රමිකතා පිළිබද සොයා බැලීමේ දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට බාරදුන් අවස්ථාවේ මාධ්ය අමතමිණි.
ඒ සඳහා සුනිල් හඳුන්නෙත්ති මහතා සහ උතුරුමැද පළාත් සභා මන්ත්රී වසන්ත සමරසිංහ මහතා සහභාගී විය.
{mp3}handunnetti2015.03.05{/mp3}










