අද (03) දිනයට නියමිත අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රායෝගික පරීක්ෂණ නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අද දිනයේ ප්රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත්වීමට නියමිතව සිටි අපේක්ෂකයින් හෙට (04) දිනයේ පරීක්ෂණ මණ්ඩලය වෙත ගොස් නැවත දිනයක් ලබාගත යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
හෙට දිනයේ සිට නියමිත පරිදි ප්රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් විභාග අපේක්ෂකයින් නියමිත දින නියමිත වේලාවට අදාළ ප්රායෝගික පරීක්ෂණ මණ්ඩල වෙත වාර්තා කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.










