ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්යවරයා වන ඒලියන්ත වයිට් මහතාගේ නිල රථයට අද (28) අලුයම 4.30ට පමණ මිරිහාන, එදිරිසිංහ පාරේදී වෙඩි ප්රහාරයක් එල්ලවී තිබේ.
මෝටර් රථය පිටුපසින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බවත් රියදුරුට හානියක් සිදුව නැති බවත් මෝටර් රථයට හානි සිදුවී ඇති අතර වෙඩි උණ්ඩ 3ක සලකුණු මෝටර් රථයේ පිටුපස දැකගත හැකි බවත් පොලීසිය සඳහන් කරයි.
ඒ මොහොතේ වෛද්යවරයා මෝටර් රථය තුළ නොසිටි බවත්, බෙල්ලන්විල රජමහාවිහාරයට කිරිපිඬු දානය ගෙන ඒම සඳහා රියදුරා වෛද්යවරයාගේ මවගේ නිවසට ගොස් පැමිණෙමින් සිටියදී මෙම ප්රහාරය එල්ලවී ඇති බවත් පොලීසිය කියා සිටියි.
වැඩිදුර විමර්ශන සිදුකර මිරිහාන පොලීසිය අසල ඇති සීසීටීවී කැමරාද පොලීසිය පරීක්ෂාවට ලක්කරන බව පවසයි.









