එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (26) වනාත මුල්ල ප්රදේශයේ මැතිවරණ ප්රචාරක රැස්වීමක් පැවැත්වීය.
එහිදී රනිල් වික්රමසිංහ මහතා වනාතමුල්ල ජනතාවට එජාප අපේක්ෂකයන් කිහිපදෙනෙකුම හඳුන්වා දෙමින් පැවසූවේ වනාගේ ජනතාව වෙනුවෙන් ඔවුන් ඕනෑම මොහොතක සිටින බැවින් ඔවුන්ට තම ඡන්දය ලබාදෙන ලෙසයි.
ඉන් පසු එම රැස්වීම ඇමතූ සමරධීර සුනිල් මහතා පැවසූවේ තමන්ගේ ඉඩම් සහ නිවාස ප්රශ්නයේදී එක්සත් ජාතික පක්ෂයෙන් හෝ සන්ධාන ආණ්ඩුවෙන් කිසිවෙකු තමන් වෙනුවෙන් පෙනී නොසිටි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නාරගරික මන්ත්රී නීතීඥ සුනිල් වටගල මහතා පමණක් පිහිටවූ බවත්ය. එම නිසා කිසිවිටකත් ඔහුව වනාතමුල්ලේ ජනතාවට අමතක කළ නොහැකි බවත් ඔහු පවසා තිබේ.
පසුගියදා ගෝඨභය රාජපක්ෂ මහතාට අභියෝගාත්මක ප්රකාශයක් ඔහු ඉදිරියේම සිදුකළ පසු පැහැරගෙන ගොස් නැවත මුදාහැර තිබුණේ මෙම සමරධීර සුනිල් නැමත්තාවය.
ඔහු වනාත මුල්ල නිවාස හිමිකම් සුරැකීමේ සංවිධානයේ ක්රියාකාරිකයෙකි.
අපේදුකට හිටියේ ජවිපෙ විතරයි වනාතේ සුනිල් රනිල්ටත් කියාදෙයි









