කොළඹ අශෝක විද්යාලයේ විදුහල්පති වයි. යසරත්න මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකුගේ මැතිවරණ කටයුතු සඳහා එම විද්යාලයේ බස් රථය ලබාදී තිබෙන බවට මැතිවරණ නිරීක්ෂණ ජාලයට ඊයේ (25) පැමිණිල්ලක් ලැබුණු බව එම සංවිධානයේ ප්රධාන විධායක නිලධාරී ආචාර්ය උදිත ගුණසේකර මහතා සඳහන් කරයි.
මේ ආකාරයට විදුහල්පතිවරයා කටයුතු කිරීමට විරෝධපා එම පාසලේ ගුරුවරු ඊයේ දහවල් 11.30ට පමණ සේවයෙන් ඉවත්ව ගොස් තිබෙන බවද ඒ මහතා පවසා සිටී.









