මේ කියන්නේ කාටද?

“දේශපාලනයේ දිගු ගමනක් යාමට නම් පක්ෂයේ ප‍්‍රතිපත්ති මෙන්ම නායකයන් ගන්නා තීන්දු තීරණත් වැදගත්”

පළාත් පාලන ආයතනවල අයවැය ලේඛන පරාජයවීමට මූලික හේතු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත ප්‍රකාශය සිදුකළේ ඊයේ (28) හික්කඩුව ප්‍රදේශයේදීය.

බලය සහ ධනය පළාත් පාලන ආයතන අයවැය පරාජයවීමේ මූලික හේතුවක් බවත් අයවැය සම්මත කර ගැනීමේ දී ඇතිව තිබෙන තත්ත්වය පුද්ගලයින්ගේ වරදක්ම නොව, එය මෙරට දේශපාලන ක‍්‍රමය තුළ තිබෙන වරදක් බවත් ඔහු එහිදී පැවසීය.

දේශපාලනයේ දිගු ගමනක් යාමට නම් පක්ෂයේ ප‍්‍රතිපත්ති මෙන්ම නායකයන් ගන්නා තීන්දු, තීරණත් වැදගත් බවත් විනයගරුකභාවය තුළින් ඉදිරියට යා යුතු බවත් මහලේකම්වරයා කියා සිටී.

තමාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසර 47ක් කටයුතු කිරීමට හැකිවූයේ පක්ෂ නායකත්වයට ගරු කරමින් එහි ප‍්‍රතිපත්ති ආරක්ෂා කළ නිසා බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්