උසස් පෙළ ප්‍රතිඵල අවුල් කළේ අධිකරණයයි – මහින්ද අමරවීර

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවුල් කළේ අධිකරණය බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත.

ඇමතිවරයා මෙසේ පවසා ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකදීය.

එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ, මුල්වර නිකුත් කළ ප්‍රතිඵල දෝෂ සහිත බව පවසා සිසුන් විසින් තමන්ට නිවැරදි ප්‍රතිඵල ලබාදෙන ලෙස අධිකරණය හමුවට ගිය බවත් ඒ අනුව අධිකරණය විසින් ප්‍රතිඵල නැවත නිකුත් කරන ලෙස නියෝග කිරීමත් හේතුවෙන් මෙම අවුල සිදුවූ බවයි. එහෙයින් උසස් පෙළ සිසුන්ට සිදුව ඇති අසාධාරණයේ වරද ඇත්තේ අධිකරණ තීන්දුව බව පවසා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්