ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘ජනතාව පෙළන පාලනයට එරෙහි ජන පෙළගැස්ම‘ රථ පෙළපාලිය අද (29) දහවල් 12.00ට කිරිබත්ගොඩ නගරයට ළගා වූ අතර එහිදී ස්ත්රී දුෂණයන් සහ ළමා අපචාර සම්බන්ධයෙන් නීතිය නිස ලෙස කි්රයාත්මක කරන ලෙස ආණ්ඩුවට බලකරමින් බැනරයක් අත්සන් තැබු බව එම පක්ෂයේ මාධ්ය ඒකකය පවසයි.
ඉන් අනතුරුව කිරිබත්ගොඩ නගරයේදී රැස්වීමක්ද පවත්වා ඇත. එයට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත, පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති, මධ්යකාරක සභිකයින් වන රාමලිංගම් චන්ද්රසේකර්, බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස, සුනිල් වටගල යන අයද සහභාගී වීතිබේ.
එම රැස්වීමේදී අදහස් දැක්වමින් ලාල්කාන්තමහතා පැවසූවේ ‘‘දෙවුන්දරින් ආරම්භ කරලා පේදුරුතුඩුවෙන් අවසන් කරන මේ ජන පෙළගැස්ම අද කිරිබත්ගොඩ නගරයට ආවේ ජනතාව පෙළන පාලනයට එරෙහිව කිරිබත්ගොඩ ජනතාව සිදුකරන අරගලය ශක්තිමත් කරන්න. අපි මාතරට ආවා, මාතර ජනතාව අපි පිළිගත්තා, සහයෝගය දැක්වූවා, සිසිල්බීම ලබාදුන්නා, දැවැන්ත සහයෝගයක් බලාදුන්නා. අම්බලන්ගොඩට ආවා. කළුතරට ආවා. මහරගමට ආවා. ඒ සියලු නගරවලදී අපිට දැවන්ත සහයෝගයක් ලබාදුන්නා. මේ ජනපෙළගැස්ම අපි පටන් ගත්තේ මේ රටේ ජනතාව දැවැන්ත ආණ්ඩු විරෝධී සටනක් ආරම්භ කරලා තියෙන අවස්ථාවේ. මේ වෙනකොට විශ්වවිද්යාල ආචාර්යවරු නිදහස් අධ්යාපනය වෙනුවෙන් දැවැන්ත වැඩවර්ජන ව්යාපාරයක් අරම්භ කරලා. දල ජාතික නිශ්පාදිතයෙන් 6% ක් අධ්යාපනය වෙනුවෙන් වෙන්කරන්න කියලා ඉල්ලනවා. ගුරුවරුන්ගේ ශිෂ්යන්ගේ අරගලයට විශ්වවිද්යාල ආචාර්යවරු සහාය දෙනවා. මේ රටේ වගකීමක් තියෙන ජනතාව හැටියට එයට සහාය දෙන්න ඕනෑ. ජවිපෙ අපි ඒ සඳහා සහයෝගය, ශක්තිය ධෛර්ය ලබාදෙනවා. ඒ විතරක් නෙවෙයි ජයග්රහණයෙන් කෙළවර කරන්න සියලු දේ කරනවා.
අධිකරණයට එරෙහිව දේශපාලඥයෝ මැර කි්රයා ආරම්භ කරලා. විනිශ්චයකාරවරුන්ට තර්ජනය කරන තත්වයක් උදාවෙලා. තවත් පැත්තකින් ජනතාව අරගල කරනකොට වාරණ ගෙනාපු අධිකරණයට අද පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න සිදුවන තත්වයක් ආණ්ඩුව උදා කරලා. අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, ගොවීන් වගාවට වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. තමන්ගේ බෝගවලට නිසි මිලක් ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. ඒ නිසා මේ අරගල එකතු කරලා යෝධ ව්යාපාරයක් විදියට ඒකාබද්ධ කරලා මේ සටන ඉදිරියට ගෙනයන්න ඕනෑ.
අපි මීට කලින් ජනතාව දැනුවත් කලා. පත්රිකා බෙදුවා, පෝසටර් ගැහුවා. ජනතාවට දැන් අවශ්ය වෙලා තියෙන්නේ සටන් කරන ව්යාපාරයක්. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන, ජයග්රහණය කරන නායකත්වයක් ඕනෑ. වෙලා තියෙනවා. ඒ නායකත්වය තමයි දෙවුන්දරතුඩුවෙන් ගමන් ආරම්භ කළේ.
අද එක්සත් ජාතික පක්ෂයක් නැහැ. අද ලංකාවේ විපක්ෂය බවට පත්වෙලා තියනේනේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතාව වෙනුවෙන් සටන් කරලා ජයග්රහණ විශාල ප්රමාණයක් ලැබුවා. ප්රෝඩාකාරී විශ්රාම වැටුප පරාජය කළා. වරායේ විදුලියේ වැඩබිම් ඇතුලේ සේවක අරගල ජයග්රහණය කරා. සී. ටී. බී. එකේ සටන ජයග්රහණය කළා. ඒව ජයග්රහණය කළේ වැඩබිම් ඇතුළෙ මහපාරෙ. ඒ නිසා සටන තියෙන්නේ වැඩබිමේ, ගොවිපළේ. ඒ සටන පාරට ගෙනල්ලා ජයග්රහණය ලබමු.
අද අපි මෙතන කාන්තාවන්ට එරෙහි හින්සාවන්ට එරෙහිව, දූ දරුවන්ට තියෙන හින්සනයට එරෙහිව, දැරියන්ට සිදුකරන අපරාදවලට එරෙහිව, මේ ආණ්ඩුවේ ජඩ දේශපාලනයට එරෙහිව බැනරයකට අත්සන් තිබ්බා. අපි කිරිබත්ගොඩ නගරයේ ජනතාවගෙන් ඉල්ලනව ඒකට අත්සනක් තියල මේ දුර්දාන්ත පාදඩ රාජපක්ෂ පාලනය එලවා දමන සටනට එක්වෙන්න සහය දක්වන්න කියල.” යනුවෙනි.
එම පෙළපාලිය තෙවැනි දිනයටත් අද (29) උදේ 9.00ට මරගමින් ගමන් ඇරඹී අතර සවස වනවිට වරකාපොල නගරයට ළගා වීමට නියමිත බවත් මෙම ජනපෙළගැස්ම හෙට උදේ 9.00ට වරකාපොළ නගරයේ සිට දඹුල්ල නගරය දක්වා ගමන් කිරීමට නියමිත බවත් එම මාධ්ය ඒකකය පවසයි.







ආශ්රිත පුවත්
මේ ආණ්ඩුවත් දුෂ්ට ක්රමයත් පරාජය කිරීමට දැවැන්ත බලයක් නිර්මාණය කළ යුතුයි – ටිල්වින් සිල්වා
z-score අවුල වහා විසඳනු ! සියලු සිසුන්ට සාධාරණය ඉටුකරනු ! – ජවිපෙ









