ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ප්රාන්තයේ, ෆෝට් ලවුඩර්ඩේල් ගුවන් තොටුපොළේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට වේලාවෙන් සෙනසුරාදා ප.ව. 1.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ගුවන් තොටුපොළ 2 වැනි පර්යන්තයේ ගුවන් භාණ්ඩ එකතු කිරීමේ කලාපයේ මෙය සිදුව ඇත.
මෙම ප්රහාරයෙන් තවත් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පැවසෙන අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තැබීම සිදුකළ පුද්ලයා එරට හමුදාවේ සේවය කළ අයෙකු බවත් ඉරාක යුද්ධයට පවා සම්බන්ධ වූවෙකු යැයි කියැවේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ ප්රහාරකයා කිසිදු වගවිභාගයකින් තොරව තමාට හමුවන හා සැඟවීමට උත්සාහ කරන සියලු දෙනාට වෙඩි තබමින් පර්යන්තය දිගේ ඉදිරියට ගිය බවයි.
කෙසේ වෙතත් ඔහුගේ ගිනි අවියෙක් පතොරම් අවසන්ව යෑමත් සමග තවදුරටත් වෙඩි තැබීමට නොහැකිව සිටි මෙම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම ප්රහාරය ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ බලපෑමක් මත සිදුවූ හුදකලා ත්රස්ත ප්රහාරයක් බවටද සැක පළ කෙරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සිය ට්වීටර් ගිණුම මගින් පණිවුඩයක් නිකුත් කරමින් මියගිය අය වෙනුවෙන් ශෝකය පළ කරමින් සහ තුවාල වූවන්ට ඉක්මන් සුවය පතා තිබේ.

















