අය-වැය ඉදිරියට දමා කෝප් යට ගැසීමට සැලැසුම්

Image result for sri lanka budget 2016ලබන වසර වෙනුවෙන් අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ සංවාදය ඉහළ ම මට්ටමකට ගෙන බැඳුම්කර වංචාව සම්බන්ධ කෝප් කමිටු වාර්තාව සම්බන්ධ ජනතා අවධානය මඟහරවන ලෙසට අගමැති මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානියකු සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට දැනුම් දී ඇත.

මෙම ක්‍රියාවලියේ දී අය-වැය කතාවේ වගන්ති උපුටා දැක්වීම පසුගිය වසර දෙක තුළ ආණ්ඩුව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ වාර්තා වැඩසටහන් සැකසීම, විවෘත කිරීමේ උත්සව වැඩි වශයෙන් ප‍්‍රචාරය කිරීම හා ආර්ථික පුනරුදයක පෙරමඟ ලකුණු පිළිබඳ සංඛ්‍යා දත්ත උපුටා දක්වන විද්වත් සංවාද වැඩසටහන් ඇරැඹීම හා ඒවාට මුල් තැන දිය යුතු බවට නිර්දේශ මාලාවක් ද ලබා දී ඇති බව හෙළි වේ.

අය-වැය පිළිබඳ මාස දෙකකට ආසන්න පාර්ලිමේන්තු විවාදයෙන් පසුව බැඳුම්කර වංචාව පිළිබඳ කෝප් කමිටු වාර්තා සඳහා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට වුවහොත්, එය කෙරෙහි ජනතා අවධානය අවම වන සේ මෙම අන්තර් කාලය තුළ රාජ්‍ය මාධ්‍ය සහ හැකි සියලුම පෞද්ගලික මාධ්‍ය ආයතනද අය-වැය පිළිබඳ ප‍්‍රචාරය ඉදිරියට ගත යුතු බව දන්වා තිබේ. 

මේ අතර, තවත් වාර්තාවකින් දැක්වෙන්නේ කෝප් කමිටු වාර්තාව සැකැසීමේදී දැඩි බාධාකාරී කුමන්ත‍්‍රණ සැලැසුම් කළ ඉම්පීරියල් මෙහෙයුම ඉදිරියට ගෙන යමින්, අය-වැය පිළිබඳ ප‍්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීම පිළිබඳවද එ.ජා.ප.යේ පිරිසකගේ අවධානය යොමු කර තිබෙන බව ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්