“යකඩයා ෆෝරම්” රක්ෂිතයට-කඩුගන්නාවේ සිසුවා ළමා නිවාසයට

ජනපති මෛත්‍රිපාල සිරිසේන මතාගේ නිල වෙබ් අඩවියට බලෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩුගන්නාවේ සිසුවා සැප්තැම්බර් 02 වැනිදා තෙක් ළමා නිවාසයක රැඳවුම් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළ අතර මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් මොරටු ප්‍රදේශයේ තරුණයා එදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

මොරටුවේ තරුණයා “යකඩයා ෆෝරම්” නමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටුවේ පල කර තිබූ හැක් කිරීම වැනි තොරතුරුවලින් එම සිසුවා දැනුවත් වී ඇති බව පෙනේයැයි පොලිසිය අධිකරණයට දන්වා ඇත.

IMG_3628IMG_3609web_830sara

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්