සුසිල් ප්රේම්ජයන්ත් හා අනුර ප්රියදර්ශන යාපා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණී සෙනරත් ඇතුළු පස් දෙනකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කර ඇති නඩුව අද (30) කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කැඳවූ අතර එම නඩුවෙන් සුසිල් ප්රේම්ජයන්ත් හා අනුර ප්රියදර්ශන යාපා ඇමතිවරුන් ඉවත් කරමින් පැමිණිල්ලේ නීතිඥවරු සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා ඉන් නිදහස් කිරීමට නියෝගකරමින් වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීමට නොවැම්බර් 22 දක්වා නඩුව කල් දමන ලදී.
ඉකුත් ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ රැස්වීම් සඳහා ලංගම බස් රථ යොදා ගැනීමෙන් ලංගමයට අය විය යුතු රුපියල් මිලියන 143ක මුදලක් ලබානොදීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.
මෙම නඩුව පසුගිය ජූනි 24 කැඳවූ අවස්ථාවේ නඩුවට අදාළව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව අද දින නඩුව කැඳවනු ලැබී ය.
ආශ්රිත පුවත්









