
නගර සභාපිටියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ මැයි රැලියට විදේශ රැකියා අපේකෂිත තරුණ තරුණියන් බලහත්කාරයෙන් ගෙන්වා ගැනීමේ සැලසුමක් ඇති බව හෙලිවේ.
විදේශ රැකියා නියුක්ති කාර්යංශය විසින් රට පුරා පිහිටි එම කාර්යංශයේ මධ්යස්ථාන වල පුහුණුව ලබන තරුණ තරුණීයන් හට නිල් ටීශර්ට් එකක් ලබාදී මෙම මැයි දින රැස්වීමට ගෙන්වාගැනීමට සැලසුම්කර ඇත. මෙයට සහභාගී නොවන තරුණ තරුණියන්ට අපේක්ෂිත රැකියා ලබා නොදෙන බවද අවධාරණය කෙරී ඇත.









