
දඹුලූ පූජා භූමිය ආසන්නයේ ඉදි කර ඇති ඉස්ලාම් ආගමික සිද්ධස්ථානය වෙනත් ස්ථානයකට රැගෙන යාමට එරෙහිව ඊයේ (27) දෙවටගහ ඉස්ලාම් සිද්ධස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත් විණි.
අදාළ විරෝධතාවය මුස්ලිම් සංවිධාන එකතුව විසින් සංවිධානය කර තිබිණි.
විරෝධතාව හේතුවෙන් කොළඹ, පුරහල අවට ප්රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති විය.
‘අන්තවාදයට ඉඩ නොදෙනු, ආගම් නිදහස ආරක්ෂා කරව්, මුස්ලිම් රටවල මුදල් හොඳයි – දඹුල්ලේ මුස්ලිම් නරකයි,’ වැනි පුවරු රැගෙන විරෝධතා කරුවෝ උද්ඝෝෂණයේ යෙදුණි.











