ශ්‍රී ලංකාවේ මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය අංශය සැලකිය යුතු වර්ධනයක් අත්කර ගනිමින්, 2026 වසරේ මුල් මාස පහ අවසන් වන විට රුපියල් බිලියන 197.3ක සමස්ත අයවැය අතිරික්තයක් වාර්තා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව අයවැය අතිරික්තය රුපිල් බිලියන 105ක් ලෙස 2026 අප්‍රේල් මාසයේ සටහන් වී තිබූ බවත් බදු ආදායම 28.3%ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ප්‍රාථමික අතිරික්තය රුපියල් ට්‍රිලියන 1.13 දක්වා ඉහළ ගොස් ඇති බවත්, රජයේ මුළු ලැබීම් 30.6%ක කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවත් මහ බැංකුව සඳහන් කරයි.
2025 වසරේ රාජ්‍ය ආදායම හා ප්‍රදානයන්වල වටිනාකම රුපියල් බිලියන 1942.36ක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
370










