ළමුන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් පසුගිය සතයේ නීති රීති සංශෝධනය කිරීම පිළිබඳව බිල්ලන් මැවීමට විපක්ෂය කටයුතු කළ ද, මේ සම්බන්ධ චක්‍රලේඛයක් 2016 දී නිකුත් කර ඇති බව ඔවුන්ට අමතක වී තිබේ.
එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්. එම්. බන්දුසේනගේ අත්සනින් 2016 අප්‍රේල් 29 වෙනි දින එම චක්‍රලේඛය නිකුත් කර ඇත.
වැඩිහිටියන් සහ ගුරුවරුන් විසින් ශාරීරිකව හෝ මානසිකව පීඩා සිදුවන ආකාරයට දඬුවම් කරන ආකාර 9ක් පිළිබඳව නිර්ණායක සහිතව 2016 අංක 12 දරන එම චක්‍රලේඛයෙන් හඳුන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු දක්වන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ දරුවන්ට දඬුවම් ලබා දීමෙන් වින්දනයක් ලබන ඉතා සුළු පිරිසකගේ එම අවකාශය අහිමි වීමේ වේදනාවෙන් නොයෙක් අසත්‍ය චෝදනා එල්ල කරන බව ය.
441










